(ජේ.කේ.එල් චාමින්ද)
ගාල්ල නගරයේ පිහිටි ඖෂධ හල් අද (11) දිනද විවෘත කර තිබුණත් ඖෂධ මිලදි ගැනීම සඳහා පැමිණෙන රෝගින්ගේ අඩුවක් පැවති බව ඖෂධ හල් හිමියෝ පැවසූහ.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් ගාල්ල රාජ්‍ය ඔසුහල සඳහා ඖෂධ මිලදී ගැනීම සඳහා පැමිණ සිටියේ සුළු පිරිසකි.වෙනදා දක්නට ලැබෙන දිගු පොළිම් ද දක්නට නොලැබුණි.
ගාල්ල ඔසුහලේ කළමණාකරු සඳහන් කළේ ඊයේ දිනයේ ඔසුහලෙන් ඖෂධ මිලදිගෙන තිබුණේ පුද්ගලයින් 126 දෙනෙකු පමණක් බවය.